
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව අවහිර වී තිබු බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (31) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලන මැදිරිය පවසයි .
දෙමෝදර සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් ගමන් ගත් මෝටර් ට්‍රොලියක් මෙලෙස ඊයේ (30)රාත්‍රි හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී පිලීපැනීමට ලක්විය.
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේත්, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත් පැය කීපයක් නවතා තැබීමට සිදු වූ බව දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය පිලීගත කිරිම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් රැගත් දුම්රිය ආපදා රථයක් රාත්‍රි පැමිනි අතර , පසුව පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය යලි පිලීගත කිරිමේ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත් කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය .

