උඩරට දුම්රිය මාර්ගය හදන්න මාස දෙකක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආපදාවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය සාදා නිම කිරීමට මාස දෙකක් පමණ යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පේරාදෙණිය ප්‍රදේශයේ පාලම් කිහිපයක් දුර්වල වී ඇති බව කී අමාත්‍යවරයා දුම්රිය එන්ජින් විස්සක් රඹුක්කනින් එහා සිරවී තිබෙන බවද සඳහන් කළේය.

අඹේපුස්ස - පොල්ගහවෙල, මහනුවර- අඹේපුස්ස අතර දුම්රිය බස් එකාබද්ධ සේවයක් අද හෙටම ආරම්භ කරන බවත් දුම්රිය ප්‍රවේශපත්‍රවලින් ලංගම බස් රථයේ යෑමට හැකි වැඩපිළිවෙලක් අරඹන බවත් ඔහු කීවේය.

මෙම අර්බුදය ජාතිය එකමුතු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අතරේදී නපුරු ප්‍රවේශයන්ද දකින බව සඳහන් කළේය.

රටේ කිසිවකු බඩගින්නේ නැති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි ප්‍රජා ජල පහසුකම් අමාත්‍යාංශය සහ මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල විවාදයේදීය.

මාර්ග අධිකාරියේ මාර්ග 246 ක් සාදා නිම කළ බවද ඹහු කීය