උඩ ගිය පාන් ගෙඩිය බිමට


වැඩි කළ පාන් රාත්තලක මිල යළිත් රුපියලකින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි.

රජයේ බදු සංශෝධන වෙනස් කිරීමට ගත් තීරණයත් සමග පාන් රාත්තලක් නැවතත් පෙර මිලටම අලෙවි කැරෙන බව ඔහු කියයි. පිටි නිෂ්පාදන සමාගම්ද පිටි මිල අඩු කළ බව දැනුම් දී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.