උගුඩුවාටත් තානාපති වරප්‍රසාද


ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ගේ ජෙෆර්සන් මන්දිරයේ සොල්දරයෙන් ඇසුණු අමුතු ශබ්දය ගැන ආරක්ෂකයන් විමසිලිමත් වුණාලු. ලිබියාවේ බෙංගාස් නුවරදී ත්‍රස්තවාදීන් ඇමරිකා තානාපති නිවසට පැන තානාපති ඝාතනය කිරීමෙන් පසු ලොව පුරා ආරක්ෂාව දහදොළොස් ගුණයකින් වැඩි කර තිබිණි.

ජෙෆර්සන් මැදුරේ සද්ද බද්ද කරන ත්‍රස්තවාදියා කවුදැයි සොයාගැනීමට ලෙහෙසියෙන් නොහැකි විය.

තානාපති අතුල් කෙෂැප් සිය ට්විටර් ගිණුමෙහි මෙසේ ලියා ඇත.

‘කිසිම බද්දක් නොගෙවා මගේ නිවසේ සොල්දරයේ සිටින උගුඩුවාට වඩාත් හොඳ තැනක් ලබාදීමට පියවර ගන්නවා.‘

නිශාචරයකු වන මේ උගුඩුවා තානාපති වරප්‍රසාද යටතේ ජනශුන්‍ය පෙදෙසකට මුදා හැරිණි. උගුඩුවාගේ සරණාගත ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කළාද නැත්නම් පිළිගත්තාදැයි දැනගන්නට නැත.