උගත මනා ශිල්පයට වැඩ නෑ


ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළද මූලික තාක්ෂණ සේවයේ ස්ථිර තනතුරු ලැබී නැතැයි එහි සේවකයෝ දෙසීයයක් පමණ මරදාන, අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.

පැයක පමණ උද්ඝෝෂණයකින් අනතුරුව ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සමග ශ්‍රී ලංකා ජර්මාන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ සහතික පත්‍ර ලාභී සිසු එකමුතුවේ නියෝජිත ඇනස්ලි බර්නාඩ් ජෑන්ස් සහ ලහිරු ධනංජය මහත්වරු  සාකච්ඡාවක නිරත වූහ. එහිදී මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට දැනුම්දී ඇති බවත් සති දෙකක් ඇතුළත කඩිනම් විසඳුමක් ලබා දෙන බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව දන්වා ඇතැයිද අදාළ අතිරේක ලේකම්වරයා තමන් සමග පැවසූ බවත් එම නියෝජිතයෝ පැවසූහ.

FB_IMG_1428000792763_1 FB_IMG_1428000800398 FB_IMG_1428000807703 FB_IMG_1428000817325