උකුස්සා පණ පිටින් හම ගැසූ දෙන්නා රිමාන්ඩ්


ගාල්ල බම්බගල පාලම අසලදී උකුස්සකු මැරීයැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කළේය.

කළුවා හංදිගේ සිසිර සහ පෙත්තාදුරගේ චමින්ද කුමාර සැකකරුවෝය.

පණ පිටින් උකුස්සකු අල්ලා ගෙන පාද කපා හම ගසා බඩ පලා තිබිණි. බඩේ නයකු සිටි බව ද පවසති.

මෙම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ එතැන සිටි අයකු ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කිරීම නිසාය.

ඔවුන් උසාවියට ගෙන යද්දී ඔවුන්ගේ ඡායාරූප ගැනීමට ගිය මාධ්‍යවේදීන්ට ද ඔවුන් තර්ජනය කර ඇත. ‘එළියට ආ විට අපි බලාගන්නම්‘ යනුවෙන් ඔවුහු පවසා ඇත.

DSC00793 DSC00794 DSC00796 DSC00797 DSC00798 DSC00800 DSC00801 DSC00802