උකුවෙළ ප්‍රා.සභා ලේකම්ගේ පුටුවේ පොල් පිත්තක් බැදලා


උකුවෙළ ප්‍රාදේශිය සභා ලේකම් අද උදේ රාජකාරියට පැමිණෙද්දී ඔහුගේ පුටුවේ  පොල්පිත්තක් බැඳ තිබුණැයි ප්‍රාදේශීය සභා ආරංචි කියයි.

ප්‍රාදේශිය සභා නිලධාරීන්ගේ  කඹ  ඇදීම   සහ පරිපාලන  කටයුතු අඩාල වී ඇති නිසා තමන් මෙම ක්‍රියාව කළේයැයි  ප්‍රාදේශිය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) ජයන්ත මුණවීර මහතා කියයි.

මෙවැනි පුවත් මාධ්‍යයේ පළකර  ප්‍රශ්න ඇති නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රී  කාංචන රත්නසුරිය මහතා කියයි.