උකුවෙල ප්‍රා. සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්


(මහේෂ් කිර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ්)

 

උකුවෙල  ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපයෝජනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රීවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා අද (19) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන කේ.ජි.ටි.අනුරුද්ධ ඒකනායක නැමැති අයෙකි.

අදාල පාසල් සිසුවා වෛද්‍ය පරික්ෂණ සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ පරික්ෂණ කටයුතු මාතලේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මන්ත්‍රීවරයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.