උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා සතු බලතල හයක් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
පළාත් සභා සතු ඉඩම් හා පොලිස් බලතල අහෝසි කිරීමට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඒ 3, 154 ඞී 2, 154 ජී 3 හා පළාත් සභා විෂය ලැයිස්තුවේ යන 4.2 වගන්ති සංශෝධනය කර පළාත් සතු බලතල අඩු කිරීමකින් මිස උතුරු පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව එම ව්‍යාපාරයේ සභාපති දොස්තර ගුණදාස අමරසේකර අද (14) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ඉඩම් හා පොලිස් බලතල ඉවත් කරන්නට ආණ්ඩුව සිත යොමු කර තිබුණ ද තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර හා වාසුදේව නානායක්කාර වැනි ඇමැතිවරුන් රටට ද්‍රෝහීන් වී රට බෙදා වෙන්කරන්නට කටයුතු කරමින් සිටින බවට ද හෙතෙම චෝදනා කළේය.
ජනාධිපති මෙම ඉල්ලීම් නොසළකා උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් උතුරේ ඊළමක් බිහිවීම ඉර හඳ සේ විශ්වාස බව දොස්තර අමරසේකර මහතා අවධාරණය කර කරයි.