(රෝෂන් තුෂාර)
දෙමළ ඊළාම් මහවිරු සැමරුම ප්‍රවර්ධනය වන ආකාරයේ අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ පලකලේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන සැකකරු ඇපමත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය .
මහජන සාමය කඩවන හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වීය හැකි තොරතුරු සමාජ ජාලයේ පැතිරවීමට එරෙහිව රහස් පොලිසියේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අද දින ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව සඳහන් කළ රහස් පොලිසිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
මහජන කැලඹීමක් සිදුවූ බවට තහවුරු කෙරෙන සාක්ෂි ඉදිරිපත් කර නොමැති අවස්ථාවක මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා තමන්ට සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවට පෙන්වාදෙමින් ඇප නියම කළේය.
සැකකරුට ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අප්‍රේල් මස 03 වනදා ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.