ඊසි කෑෂ් හොර පාරක්


රුපියල් ලක්ෂ 10ක ලොතරැයි ජයග්‍රහකයන් හිමිව ඇති බැවින් තෑග්ග හෝ එම මුදල් වටිනාකම ඇති රන් කැබැල්ලක් ලබාගැනීම සදහා කොමිස් ගෙවිය යුතු බව ඡංගම දුරකථන පණිවුඩ ඔස්සේ තොරතුරු ලබා දී ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් 19800‍/=ක්  “ඊසී කෑෂ්“  ක්‍රමයට වංචා කළ කණ්ඩායමක් සොයා පරීක්ෂණ සිදුකරන බව ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

ගල්කිස්සේ තැනකින් මෙම මුදල් ඊසි කෑෂ් ක්‍රමයට ගෙවන ලෙස මෙම කාන්තාවට දුන් තොරතුරු මත කොමිස් මුදල ගෙවු බව කාන්තාව කළ පැමිණිල්ලේ සදහන් වන බව ගල්කිස්ස පොලිසිය පවසයි.

අදාළ ජංගම දුරකථන අංක ඔස්සේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙවැනි සූත්තර වලට හසු නොවන්නයි පොලිසිය මහජනතාවට උපදෙස් දෙයි.