ඊසි කෑෂ් වැලිකඩ හිරේ රජ කරයි


බන්ධනාගාරයකින් අත්අඩංගුවට ගැණුනු වැඩිම හෙරොයින් මත් කුඩු තොගය සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධි ඒකකය බදාදා රාත්‍රියේ සමත් විය.

ජංගම දුරකතනයෙන් ‘ඊසි කෑෂ්‘ ක්‍රමයට මුදල් හුවමාරු කැර ගනිමින් සිර ගෙයි කුඩු වෙළඳාම සිදු වෙයි.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පිරිමි වාට්ටුවට පෙර දින රාත්‍රී 7.30ට පමණ බුද්ධි ඒකකයේ නිළධාරීන් 60 දෙනකු පමණ ගොස් රිමාන්ඩ් සැකකරුවන් ඉන් එළියට යවා මෙම හදිසි සෝදිසි මෙහෙයුම කෙළේය.

පැය දෙකහමාරක් සෝදිසියට ගත විය.

ජංගම දුරකතන 28ක්, බැටරි චාජර්, දුරකතන සිම්පත්, ගංජා, චරස් (හෙරොයින් වර්ගයකි), ගිනිපෙට්ටි, ලයිටර්, දුම්කොල, සිගරට් ඇතුළු නීති විරෝධී උපකරණ රාශියක් සොයාගෙන ඇත.

හෙරොයින් කුඩා ඉටි කවර වල දමා සැකකරුවන්ගේ ශරීරයේ සඟවා බන්ධනාගාරයට රැගෙන යති.

හෙරොයින් මත් කුඩුවල බර හා වටිනාකම තක්සේරු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් මේ වන විට බන්ධනාගාරය වෙත ගෙන්වා ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් මත කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී සුමිත් රංජන් මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන ජේලර් ඉන්දික සම්පත් මහතා ඇතුළු නිලධරයෝ මේ මෙහෙයුමට එක් වූහ.