ඊෂි කෑෂ් කුඩු කාරයා පොලිස් දැලේ


ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත් කුඩු විකුනන්නෙකු හෝමාගම පොලිසියේදී කුඩු පැකට් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.

රුපියල් දහසක් ඊෂි කෑෂ් ක්‍රමයට ගෙවූ විට මත් කුඩු පැකට්ටුව අහවල් බෝක්කුව ලග හෝ අහවල් ලයිට් කණුව අස්සේ ඇතැයි දන්වන විකිණුම් කරු කුඩු ලෝලියෙක් බවද පොලීසිය පවසයි.

ඔහු ගේ මවද මත් කුඩු විකිණී යැයි රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.