ඊශ්‍රායෙල පන්සලේ පිංකමක්


 ඊශ්‍රායල්  බෞද්ධ මධ්‍යස්ථානයට ශ්‍රීලංකාවෙන්  ධාතු කරඬුවක් වැඩම කරවීමේ පිංකම පසුගිය 18 වන සෙනසුරාදා  දින ඊශ්‍රායලයේ තිබේරියා හි  ඊශ්‍රායල් බෞද්ධ මධ්‍යස්ථානයේදී,   කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ හා ඊශ්‍රායල් ජාතික හිමිවරුන් දෙනමකගේ ප්‍රධානත්වයෙන්    පැවැත්විණි.

  බෞද්ධ හා බෞද්ධ නොවන විශාල ශ්‍රීලාංකිකයින් පිරිසක් ඊට සහභාගී වූහ.

 ඊශ්‍රායලයේ ශ්‍රීලංකා තානාපති සරත් විජේසිංහ මහතා හා මහත්මිය, නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා තානාපති කාර්යය මණ්ඩලයද, නේපාල හා මියන්මාර් තානාපති නිලධරයෝ හා ඊශ්‍රායෙල ජාතිකයෝ පිරිසක් ද  සහභාගී වූහ.

  බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන විදේශිකයන් හට තානාපති සරත් විජේසිංහ මහතා     බෞද්ධ පොත්පත් තෑගි කළේය.

01-(4) 02-(4) 03-(3) 04-(3) 05-(3) 06-(2)