(යොහාන් භාසුර)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය මත ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බව පවසමින් රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කළ ව්‍යාජ අයදුම්පත්‍ර තරුණයින්ට ලබාදෙමින්, තරුණ පිරිස් මුලාවට පත්කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කී විදේශ සේවා නියුක්ති කාර්යංශය අදාල සැකකරු එක් පුද්ගලයෙක්ගෙන් ලක්‍ෂ 4 බැගින් මුදල් ලබාගෙන ඇති බව ද සඳහන් කළේය.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් අයෙක් අත්අඩංගුවට ගත් බවත් එම කාර්යංශය කීය.
එම පුද්ගලයින් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරී බවත් වැඩිදුර නඩු විභාගය ලබන ජූනි මස 5 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය කීය.

