ඊශ්‍රායල් බෞද්ධ විහාරයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, යටගම ඛේමානන්ද හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් හා ඊශ්‍රායලයේ ශ්‍රීලංකා තානාපති ඇතුළු දායක පිරිසගේ අනුග්‍රහයෙන්
ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානයේදී ප්‍රථම වතාවට කඨින පින්කමක් සෙනසුරාදා (02) පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇත.
මේ පිංකම සඳහා ඊශ්‍රායල් ජාතික භික්ෂූන්වහන්සේනමක් හා තායිලන්ත භික්ෂූන් වහන්සේලා කිහිපනමක්ද සහභාගීවීමට නියමිතය.

