ඊශ්‍රායලයෙන් ප්‍රශ්නයක් මෝදුවන ලකුණු


සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත.

සේවා කාලය අවසන් කරන ඇතැම් ලාංකිකයන් එරට නීති විරෝධීව රැඳී සිටිමට උත්සාහ කරන බවට තොරතුරු ඇතැයිද එසේ කිරීමෙන් ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා වෙළඳපොළ ද අහිමි වෙතියිද කාර්යාංශය බිය පළ කර සිටී.

ඊශ්‍රායල රැකියා සඳහා යෑමට 500කට ආසන්න පිරිසගේ අනාගතයද අවිනිශ්චිත බව කියති.