රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) නායක ඩග්ලස් දේවානන්ද හිටපු ඇමැතිගේ නාරාහේන්පිට දේශපාලන කාර්යාලයේ ක්‍රියාත්මක වූ සීසීටීවී ආරක්ෂක කැමරාවේ 2012-5-16 වැනිදා දර්ශන රහස් පොලිසියට ලබාදෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දේවානන්ද මහතාට අද (3) නියෝග කළේය.
ලබන 10 වැනිදා ට පෙර මෙම වීඩියෝ පටය ලබාදිය යුතු බවද නියෝගයේ දැක්වේ.

