අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාර්තු 3 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අද (19) නොතීසි නිකුත් කැරිණි.
ඔහුට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම් 14ක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇත.

