
(අමදෝරු අමරජීව )
මහවැලි ගඟ පිටාර ගැලීමත් සමඟ වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම් රැසක් ජලයෙන් යට වෙද්දී ඊච්චලාම්පත්තු ප්‍රාදේශීය රෝහලද ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවී ගියේය.
ජලයෙන් යටවන බව පූර්ව දැනුම් දීම සමඟ රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව බෙහෙත් ද්‍රව්‍ය රැගෙන යා හැකි උපකරණ සමග නේවාසික රෝගීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඊච්චරම්පත්තු රෝහලේ නේවාසික රෝගීන් දැනට වෙරුගල්හි පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන ගොස් එහි දැනට තාවකාලික රෝහලක් ස්ථාපිත කිරීමට පියවර ගත් බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.නේවාසික රෝගීන් හැර බාහිර රෝගී ප්‍රතිකාර සහ අලුතින් නේවාසික රෝගීන් ඇතුලත් කර ගැනීම එහි සිදු නොකරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

