ඊ.පී.ආර්.එල්.එෆ් ස්ථාවරය කුමරුගේ ප්‍රකාශයෙන් පසුව


(සිරාජ් හසීම්)

ශ්‍රි ලංකාවේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලබන 22 වැනි දා වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිත බවත් එම වාර්තාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරන බවත් එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි.

“දෙමළ ජාතික සන්ධානය වව්නියාවේදී රැස්වෙලා ජිනීවා යෝජනාව මෙරට තුළ ක්‍රියාත්මක කරන්න රජයට කාලය දෙනවද නැතිද කියා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. බහුතර අදහස වුණේ ශ්‍රී ලංකාවට කාලය ලබා නොදිය යුතුයි කියලා.එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම යෝජනාව සම්මත කරගෙන දැන් මාස 18ක් වෙනවා.ඒත් එම යෝජනාව ක්‍රියාත්මක වීමක් සිදුවුනේ නැහැ.මෙනිසා තවදුරටත් ශ්‍රී ලංකා රජයට කාලය ලබා දීමෙන් පලක් නැහැ.පැවති සාකච්ඡාවේදී යෝජනාවක් සම්මත කරගත්තා  රජය මුළුමනින්ම මෙම යෝජනාව ක්‍රියාත්මක කළ යුතුයි කියලා.අපි මීට එකඟවුනේ නැහැ. “යැයි ද ඒ මහතා කියයි.