ශී‍්‍ර ලංකාවේ ඉහළම අළෙවි වටිනාකමක් සහිත සන්නාමය ලෙසින් සැලකෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් තවත් ඉහළම වටිනාකමක් ඇති සන්නාමයක් වන ඩයලොග් සමාගමත් ගිවිසුමකට එළැඹ සිටිති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයන් ලෙස ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ඇතිකරගන්නා ලද නවතම ගිවිසුමේ කාලය වසර 3 කි.
මෙම ගිවිසුම යටතේ ශී‍්‍ර ලංකාවේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක සඳහාම ඩයලොග් අනුග‍්‍රහය හිමි වන අතර ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන ටෙස්ට්, එක් දින තරග සහ විස්සයි/20 තරග වලදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල ඇගළුම් සියල්ල ඩයලොග් ලාංඡනයෙන් අලංකාර කෙරෙනු ඇත.
ශ‍්‍රී ලාංකික ජනතාව විසින් දෙවන වරටත් වසරේ විශිෂ්ටතම සන්නිවේදන සේවා සැපයුම්කරුවා ලෙසින් ‘ස්ලිම්-නීල්සන්’ සම්මාන උළෙලේදී සම්මාන ලද ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අතර ගිවිසුම ජුනි 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වේ.
”ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සඳහා අනුග‍්‍රාහකත්වය දෙමින් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව සමග අත්වැල් බැඳගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව අප ඉතාමත් ආඩම්බරයට පත් වෙනවා” යයි මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූ ඩයලොග් ආසිආටා සමුහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පැවසීය.
ඩයලොග් සන්නාමය සහිතව නිර්මාණය කළ ඇඳුම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් වෙත සංකේත වශයෙන් බාරදෙමින් ‘ඩයලොග්’ සහ ‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්’ අතර මෙම එකඟතා ගිවිසුම ප‍්‍රකාශයට පත්කරන ලදී.
ශ‍්‍රී ලංකාවේ පිරිමි හා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම් සඳහා ඩයලොග් සමාගමේ අනුග‍්‍රහය නිසා ලැබෙන සවියෙන් මේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නව යුගයක් උදා වන බවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම ශී‍්‍ර ලංකාවේ සිව් දෙස සිටින ක‍්‍රීඩා ලෝලීන් වෙත අභිමානයෙන් යුක්තව ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගෙන යාම අපේ බලාපොරොත්තුවයි” යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මේලනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය.
ඩයලොග් ආයතනය ජාතික ක‍්‍රිකට් කණ්ඩායම සදහා අවසන් වරට අනුග‍්‍රහය දැක්වූයේ 2009 වසරේදීය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික විස්සයි/20 තරග වලදී ශ්‍රේණිගත අංක 1 ස්ථානය හිමි කරගෙන සිටින අතර එක්දින අන්තර්ජාතික තරග වලදී ශ්‍රේණිගත 5 වැනි ස්ථානයද ටෙස්ට් තරග වලදී ශ්‍රේණිගත 6 වැනි ස්ථානයද ලබා සිටී.
ඩයලොග් සන්නාමය සහිතව නිර්මාණය කළ ඇඳුමෙන් සැරසුනු ශ‍්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි/20 කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගෙන් සුබපැතුම්...මෙම අවස්ථාව සහභාගි වූ ඩයලොග් ආසිආටා ආයතනයේ අළෙවි හා වෙළඳ සන්නාම නිලධාරිනි අමලි නානායක්කාර මහත්මිය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාද ඡයාරූපයේ සිටිති.