(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ පදිංචිඩබ්ලිවු.පී. විතාන ආරච්චි නමැති (24) හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා බාහිර පුද්ගලයකු සමඟ නේවාසිකාගාරයේ කාමරයක රැඳී සිට ඇති අතර ඊයේ (17) දා රාත්‍රි ඔහු සමග නේවාසිකාගාරයෙන් බැහැරට ගොස් රාත්‍රී එකට පමණ යළි කාමරයට පැමිණ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇතැයිද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

