උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර දුම්රිය මගේ අඩි හයක් ගිලා බැසීම නිසා දුම්රිය ගමන් අඩාල වී ඇත.
රඹුක්කන දක්වා විශේෂ බස් සේවයක් මගීන් මගී ප්‍රවාහනයට පහසුකම් සලසා ඇතැයි දුම්රිය ආරංචි කියයි.
මේ හේතුවෙන් කොළඹ - බදුල්ල උඩරට මැණිකේ ශිඝ්‍රගාමී දුම්රිය අද දින තාවකාලිකව නතර කළ බව දුම්රිය මෙහෙයුම් අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි. දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකෙරෙන බවද ඔහු කියයි.