ඉහළ කොත්මලේ ජලාශය සින්ඳයි


ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ලේ සහ උමං මාර්ගයේ පරීක්ෂණ කටයුත්තක් සඳහා අද එහි සම්පූර්ණ ජලය කොත්මලා ඔයට මුදාහළ බව ජලාශ බාර ඉංජිනේරුවරු කියති.
කොත්මලා ඔයෙන් එම ජලය පහළ කොත්මලේ ජලාශයට මුදා හරියි.
ලබන 3 වැනිදා තෙක් මෙහි ජලය රැුස් නොකරන බව ඉංජිනේරුවෝ කියති. මේ නිසා එම දිනවල ජාතික විදුලිබල පද්ධතියට ඉහළ කොත්මලා ජලාශයෙන් සැපැයුණ මෙගාවොට් 150ක විදුලිය අහිමි වෙයි.