
( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (01) උදෑසන සිට විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබිණි.
ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන ඇත.
තවදුරටත් ජලාශයේ ජල මට්ටම ඉහළ ගිය හොත් ඉතිරි වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත විය හැකි බව ඉහළ කොත්මලා ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු රසිත පීරිස් මහතා පැවසීය.
ඉහල කොත්මලා ජලාශයේ වාන් දොරටු විවෘත වීමේ අවදානම මත ජලාශයට පහළ කොත්මලා ඔය පරිහරණය කිරීමේදී ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

