ඉහළ උසාවි මතය අහයි


ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා එම පනත් කෙටුම්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෙමු කර ඇත.

උතුරේ පැවැත්වීමට යන පළාත් සභා ඡන්දයට පෙර මේ සංශෝධනය සම්මත කැර ගැනීමට රජය අදහස් කරයි.

මෙම පනත් කෙටුම්පත ජුනි හතර වැනිදා අගවිනිසුරු මොහාන් පීරිස්, සත්‍ය හෙට්ටිගේ සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.