ඉසිපතනයට 20-17 ක තියුණු ජයක්


මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 20-17 ක තියුණු ජයක් ලැබූහ.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 7-5 ක් ලෙස පෙරමුණේ සිටිය ද දෙවැනි අර්ධයේදී ඉසිපතන විදුහල පෙරමුණට පැමිණියේය.

ඉසිපතන විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ත‍්‍රිත්ව විදුහලට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.    

 

(●●)