කොළඹ සී. ආර්. පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශූරතා රග්බි තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිල පරදවා ලකුණු 30- 21 ක පහසු ජයක් ලබාගැනීමට ඉසිපතන විදුහල සමත් විය. තරගයේ පළමු අර්ධය නිමා වන විට ශාන්ත ජෝෂප් පිල ලකුණු 21 - 18 ක් වශයෙන් ඉදිරියෙන් සිටියේය.