ඉසිපතනය 21 -19 කින් ශාන්ත පීතර පරදවයි


අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 21 -9 කින් ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි. මෙම තරගය අද (30) කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 9 - 6 ක්  ලෙස පෙරමුණේ පසු විය.

ඉසිපතන විදුහල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය. ශාන්ත පීතර විදුහලට ගෝලයකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු එකතු විය.