ඉසින්බැස්සගලින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි


මැදවච්චිය ඉසින්බැස්සගල  ගල්වැඩපළක නීති විරෝධීව ගබඩාකොට තිබූ ජෙලට්නයිට් කූරු ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සමග සැකපිට පුද්ගලයින් දෙදෙනකු අද (24) අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.

පූනෑව නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත අනුරාධපුර පුපුරණ ද්‍රව්‍ය පාලක කාර්යාල නිලධාරීන් හා මැදවච්චිය පොලිසිය සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා පුපුරණද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් පුපුරණ ද්‍රව්‍ය අතර ජෙලෙට්නයිට්කූරු 2634 , විදුලි ඩෙටනේටර 1922, විදුලි නොවන ඩෙටනේටර 50, සේවානූල් මීටර 6580 , වෙඩිබෙහෙත් පිපිරවීමට ගන්නා විද්‍යුත් උපකරණයක් හා වෙඩිබෙහෙත් කිලෝ 45 ප‍්‍රමාණයක් සොයාගත් බවද කියති.

01 07 08 09

ඡායාරූප - රොමේෂ් මධුෂංක