කොන්දොස්තරවරයකුගේ පහර කෑමට ලක්වූ බව කියමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යයකු මොරටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි.
ගල්කිස්ස - කොට්ටාව 255 බස් මාර්ගයේ පෞද්ගලික බසයකදී අදාළ සිසුවාට බස් රථයේ ඉස්සරහට යන්න යැයි කොන්දොස්තරවරයා කියූ අවස්ථාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් පහර දීම කර ඇතැයිද ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.
පහර කෑමෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

