ඉස්සර අපේ සීයලා සින්දු කරන කාලේ ඔහොම දෙයක් තිබ්බෙ නැහැ


 

2017-01-31-ent-239

රනිල් මල්ලවආරව්විගේ පුතුන් වන ඔහු පවන් මල්ලවආරච්චිය.වර්තමානයේ නිර්මාණය වන ගීත සහ වර්තමාන පරපුරේ නිර්මාණ කරුවන් පිළිබදව ඔහු අප සමග සදහන් කලේ මෙවන් අදහසකි.

2017-01-31-ent-241ඉස්සර අපේ සීයලා සින්දු කරන කාලේ ඔහොම දෙයක් තිබ්බෙ නැහැ. සින්දු ගොඩක් නිර්මාණය වුණේ යාළුකමට. සල්ලි පස්සෙ දුවන්න නෙමෙයි සින්දු හැදුවෙ. දැන් තියෙන්නෙ පැකේජ්. යම් මුදලක් හෙව්වට පස්සේ තමන්ගෙ සින්දුව හිමිකර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නෙ. පහළම තැනක ඉඳන් උඩට එන එක දැන් දකින්න නැහැ. දැන් සල්ලි වියදම් කළාම ගායකයෙක් වෙන්න පුළුවන්.

මම නම් මගේ සීයගෙ (මිල්ටන් මල්ලවාරච්චි) ගීත තමයි ගායනා කරන්නෙ. ඒක මම කරන්නෙ මගේ සින්දු ටික රැකගන්න. දැන් අපේ සීයගෙ ගීතවලට ලොකු මාකට් එකක් නිර්මාණයවෙලා තිබෙනවා. ගොඩක් අය කියනවා සීයගෙ වොයිස් එක මට තියෙනවා කියලා. හැබැයි මට සීය වගේ වෙන්න බෑ කවදාවත්. මට ඕන ඒ ගීත රැකගන්න. අපේ තාත්තටත් (රනිල් මල්ලවආරච්චි) ගොඩක් ගීත තිබෙනවා. මාධ්‍ය තුළ ඒවා ප්‍රචාරය වුණේ නැහැ. ඒකට හේතුව සීයා මිය ගියාට පස්සේ තාත්තට සීයගෙ ගීත ගායනා කරන්න සිද්ධ වුණා. ඔහු එය යුතුකමක් ලෙස කරන්නෙ.

මගේ නිර්මාණ මම තවම කරලා නැහැ. මම තාත්තත් එක්ක වසරකට වරක් ලංකාවට ඇවත් සීයගෙ කොන්සට් එක කරනවා. අපි නිර්මාණයක් කළොත් එය මිනිසුන් හොඳින් භාරගනියි කියලා මම හිතනවා.