ඉස්සන් අල්ලා කිඹුල් කටට වැටෙයි


කොග්ගල ඔයේ ඉස්සන් ඇල්ලීමට ගිය 33 හැවිරිදි ධීවරයකුගේ සිරුරක කොටසක් අද සවස නිදහස් වෙළද කලාපය පිටුපස පිහිටි මල්කබානේ දී සොයාගත් බව අහංගම පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ ධීවරයා කිඹුලකුගේ ගොදුරක් වී ඇතැයි සැකයක් පවතින බවයි. ඔහුගේ සිරුරේ උඩ කොටස පමණක් සොයාගත හැකිවිය.

අහංගම කතළුව ගුරුකන්දේ පදිංචි මේ ඔහු අඟහරුවාදා සවස 3.00ට පමණ නිවසින් පිටව ගොස් ඇති බවත් රාත්‍රී 7.00 පමණ නිවසට පැමිණිය යුතු වුව ද ඔහු නොපැමිණි බවට මව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු ගැන සොයා බැලීමේ දී සිරුරු කොටස් හමුවී ඇත.

එම සිරුරු කොටස් මරණ පරීක්ෂණය සදහා කරාපිටිය රෝහලට යැවූ බව පොලිසිය කියයි.