ඉස් බණුව ලක් දැරිය රෝහලට යවයි


ඉතාලියේ බෙර්ගමෝ නගරයේ ෆාරා ගියේරාදි අඩ්ඩා දාහත් හැවිරිදි ලාංකික පාසල් ශිෂ්‍යාවක් උදෑසන හතට පමණ පාසල් යාම සඳහා බස් රථය ගැනීමට මොන්ෆලේකෝන් මාවතේ අනෙක් පැත්තට යන අවස්ථාවේ ලාංකිකයකුගේ (42) වාහනයේ ගැටී තුවාල ලැබුවාය.

ඇය හිස් බනුව පැළැඳගෙන සංගීතය අසමින් සිට ඇත.

වාහනයේ ගැටී බිම වැටුණු ශිෂ්‍යාව ත්‍රෙවිල්යෝ නගරයේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ උකුළු ඇට බිඳී ඇතැයිද, දින හතලිහක් පමණ ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරුන් නියම කර ඇතැයි ද දැක ගන්නට ඇත.