නාමයෝජනා බාර දුන් නොවැම්බර හය වැනි දා සිට අද වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සිද්ධි 625ක් සහ ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා 29ක් වාර්තා වී ඇතැයි කැෆ් සංවිධානය කියයි.
කොළඹින් පැමිණිලි 193ක් ද, ගම්පහෙන් 77ක් ද, කළුතරින් 88ක් ද වශයෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති මුළු සිදුවීම් ගණන 379කි.
දකුණු පළාතෙන් සිද්ධි 259ක් වාර්තා වී ඇති අතර වැඩිම එම පළාතේ වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි.
මීට අමතරව පළාත් දෙකටම පොදු පැමිණිලි 16ක් ද කැෆේ සංවිධානය වෙත ලැබී තිබේ.

