(විනීතා එම් ගමගේ)
ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාරය සාර්ථකව අවසන් කළ බවත් තම ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් නොලද හොත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පැතිර යන දැවැන්ත අරගලයකට සුදානම් වන බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. පරිපූරක වෛද්‍ය නිලධාරින් නොමැතිව හෙදියන් 1000 ක් කොළඹට කැඳවන්නැයි තම සංගමයේ වර්ජනය අසාර්ථක බව කියන සමන් රත්නප‍්‍රිය මහතා ට අභියෝග කරන බව ද ආනන්ද හිමියෝ කියති.
“මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවෙලා ඉන්න කාලෙ අපි ප‍්‍රජා සෞඛ්‍ය නිලධාරි තනතුර ඇති කරන්න කියල ඉල්ලූවා. එතුමා කිව්වේ ඉතා හොඳ යෝජනාවක්. අපි හම්බන්තොට පොලොන්නරුව දිස්ති‍්‍රික් දෙකේ මුලින් පටන් ගමු කියලයි“
‘‘අද මේ වන තුරු ඒක පටන් ගත්තේ නැහැ.රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය හොඳ වෙද්දි රෝහල් අඩුවෙන්න පුළුවන්. එතකොට ප‍්‍රජා සෞඛ්‍ය සේවාව ඉතා වටිනා දෙයක් බවට පත් විය හැකියි. ඒක හොඳ අත්දැකීමක් වේවි.රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති වු පසු කළ සාකච්ඡා එකක්වත් සාර්ථක වුණේ නැහැ.“ යැයි ඒ හිමියෝ ප්‍රකාශ කරති.

