‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රීති හැම එකකින්ම වෙලා තියෙන්නේ බෞද්ධයින්ගේ අයිතිවාසිකම් සීමා කීරිමක් පමණයි.මේ අන්තවාදී මූලධර්මවාදී අන්‍යාගමී කරණය වහා නවත්තන්න. ඒ සදහා වහා නීති පනවන්න‘‘ යැයි බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (25)කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි කීහ.
සෑම බෞද්ධාගමික මධ්‍යස්ථානයකම බෞද්ධ ආරක්ෂණ කමිටු පිහිටුවන බවත්, උපාසක අම්මලාට ඉලපත අතට ගන්න කියන බවත්, විවිධාකාර කටයුතු වලට ගම්මාන වලට පැමිණෙන සැකකටයුතු පුද්ගලයින් ගැන සොයා බලන ලෙස ඔවුනට කියන බවත් ඒ හිමියෝ කීහ.
‘‘මෙම කමිටු මගින් කරන්නේ යුද්ධය කාලයේ සිවිල් ආරක්ෂක කමිටු මගින් සිදුකළ සේවාවට සමාන සේවාවක්‘‘.