ඉරානයෙන් තෙල් නොගන්නවා නම් ඇමෙරිකාවෙන් සහනයක්


 

 

කලීජ් ටයිම්ස් ඇසුරෙනි

 

යම් රටක් ඉරානයෙන් බොර තෙල් ආනයනය අඩු කිරීමට පියවර ගන්නේ නම් එම රටවලට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ඉරානය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම විනාශකාරී, ඒකපාර්ශවික සැළසුමක් බවට චෝදනා කරමින් ඉන් ඉවත් වූ ඇමෙරිකාව, ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ඉරනාය සමඟ ගනුදෙනු කරන රටවලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව ක්‍රියා කර තිබේ.

ඇමෙරිකාව සඳහන් කළේ, ලබන නොවැම්බර් 4 වැනි දා සිට ඉරානයෙන් බොර තෙල් ආනයනය සම්පුර්ණයෙන් වැළැක්වීමේ අරමුණින් නව සම්බාධක පනවන බවයි.

මේ අතර මෙවන් පසුබිමක් තුළ ඉන්දියාව ලබන නොවැම්බරයේදී ඉරානයෙන් බොර තෙල් බැරල් මිලියන 9 ක් ආනයනය කිරීමට ඇනවුම් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන ප්‍රධාන ගැනුම්කරුවෙකු ලෙස ඉන්දියාව සැළකෙනු ඇත.

 

(125)