ඉරාන ජනපති නූලෙන් බේරෙයි


ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් උතුරු ටෙහෙරානයේ කඳුකර පාරක උමං මාර්ගයක් විවෘත කිරීමට හෙලිකොප්ටරයෙන් යද්දී එය හදිසියේම ගොඩ බෑමට සිදු විය.

ගුවන් නියමුවාගේ දක්ෂකම නිසා  ජනපතිට හෝ ඔහු සමග ගිය කිසිවකුට අනතුරක් වූයේ නැත.

ජ‘නපති හා ඔහුගේ කණ්ඩායම ඉතා හොඳින් ඉන්නවා. හෙලිකොප්ටරයේ හදිසියේ ගොඩ බෑමට හේතුව කුමක්දැයි දන්නේ නැහැ‘ යනුවෙන් ඉරාණ ප්‍රකාශකයෙක් කියයි.