ඉරාකයේ යළිත් ලේ වැගිරේ


දකුණු දිග ඉරාකයේ හා මධ්‍යම ඉරාකයේ  කාර් බෝම්බ කිහිපයක් පුපුරායාමෙන් 57 ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැග්ඩෑඩ් නගරයේ පිපිරීම් නමයක් බස්රා නගරයේ පිපිරීම් දෙකක් ද සිදුව ඇත.ඉරාකයේ අන්බාල් ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයකු විසින් පොලීසියට කරන ලද වෙඩි තැබීමකින් පොලිසියේ හත් දෙනකු මියගොස් ඇති බව ද දැනගන්නට ඇත.