ඉරණවිල සම්ප්‍රේෂණාගාරය වසා දමයි


කෙටි තරංග විකාශනයන්ට සවන්දෙන ශ්‍රාවකයන් අඩුවීමත්, කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීමත් හේතුවෙන් ඉරණවිල මධ්‍යස්ථානය වසා දැමීමට එය පවත්වාගෙන ගිය ගුවන්විදුලි පාලක මණ්ඩලය නමැති ස්වාධීන එක්සත් ජනපද ආයතනය තීරණය කර ඇති බව ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.

එබැවින්, ඉරණවිල මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ඉඩම ශ්‍රී ලංකා රජයෙන් බද්දට ලබාගෙන තිබූ බැවින් එය ආපසු රජයට බාරදුන් බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ඉරණවිල මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ කාලය තුළ එක්සත් ජනපද රජය විසින් ඉඩම එළිපෙහෙළි කර, මංමාවත්, ජලපවාහන කානු මෙන්ම වැටවල් හා නවීන කාර්යාල ගොඩනැගිලි ආදිය ඉදිකර ඉරණවිල ඉඩම සංවර්ධනය කළ බවද පවසා සිටියි.