ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයේ ඉදි කිරිමට 1991 වසරේ ඇමරිකා තානාපති කාර්යාලයට බදු දුන් ඉරණවිල ඉඩමේ බදු ගිවිසුම අවලංගු කිරිමට අද (18) කැබිනට් අනුමැතිය ලැබිණි.
එම ගිවිසුම අදාළ කාලයට පෙර අහෝසි කිරිමට ඇමරිකා තානාපති කාර්යාලය ඉල්ලා තිබිණි.
ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර 166.038 කි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

