ඉරණමඩු පරණ කොටි කටේ ගුවන්තොට විවෘත වෙයි


කොටි මර්මස්ථානයක් වූ ඉරණමඩුවේ ගුවන් පථය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත විය.

කොටි නායක ප‍්‍රභාකරන් සහ න්‍යායාචාර්‍ය  ඇන්ටන් බාලසිංහම් ඇතුළු ඉහළ පෙළේ  කොටි නායකයෝ  බොහෝ විට ඉරණමඩු වැව් තෙරේදී එදා සාකච්ඡා සඳහා  රැස්වූහ.


ජනපති මහින්ද රාජපක්ෂ  මහතා අද  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් එම්.ඒ 60 වර්ගයේ ගුවන් යානයෙන්    ඉරණමඩුවට  පළමු ගුවන් ගමන ගියේය.
එහිදී ගිනි නිමන රථ මගින් ගුවන්යානයට මුදාහල  ජල වර්ෂා ආචාර මැද ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් ජනපති මහින්ද රාජපක්ෂ මහතාව පිළිගත්තේය.


එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන්ම විනාශකර දමා තිබු මෙම ගුවන්පථයේ ඉදි කිරීම් කටයුතු 2012 වසරේදී ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කි‍්‍රශාන්ත මනම්පේරී මහතාගේ  නායකත්වයෙන් සිදු කල අතර මෙහි සංවර්ධනය කිරීමේ කටයුතු ගුවන් හමුදා ක්ෂණික ගුවන් ධාවන පථ අලූත්වැඩියා කිරීමේ අංශය  විසින් සිදු කෙරිනි.

 
අලූතින් ඉදිකරන ලද ඉරණමඩු ගුවන්  පථයේ ගුවන් යානා ගොඩබැස්වීමේ  මුලික පෙරහුරුවක් ලෙස 2012 දෙසැම්බර් මස 09 දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් වයි 12 වර්ගයේ ගුවන් යානයක් ගොඩබස්වන ලදී.


ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර ඇති මෙම ගුවන් පථය දිගින් මීටර් 1500ක් හා පළලින් මීටර් 25කින් සමන්විත වෙයි. මෙහි සැලසුම්, ඉංජිනේරු, ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික ඇතුලූ සියලූම කටයුතු ගුවන් හමුදාවේ විවිධ ක්ෂේත‍්‍රවල ගුවන් භටයින් විසින් සිදුකිරීම මෙහි ඇති විශේෂත්වයයි. 

මින් ඉදිරියට මෙම ගුවන් පථය හරහා උතුරේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මෙන්ම උතුරු හා නැගෙනහිර පලාත්වල සංචාරයේ යෙදෙන සංචාරකයන් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් සේවය වඩාත් සක‍්‍රියව කඩිනම්ව ලබා ගැනීමට හැකිවනු ඇත.  

මෙම අවස්ථාව සදහා සමිප‍්‍රධායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර විශ‍්‍රාමික  මේජර්  ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, කිළිනොචිචි ප‍්‍රදේශයේ රාජ්‍ය නියෝජිත රූබාවරී කැතිස්වරන්,   ජෙනරාල් ජගත් ජයසුරිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා ගුවන් හමුදා ඉරණමඩු කදවුරු අණදෙන නිලධාරි එමි එමි ටී සී මනමිපේරි යන මහත්ම මහත්මීන් එක්වූහ.

 

 

 


.