ඉයන් බොතම් උතුරේ සිට දකුණට පයින් එයි


ඉන්දියා සාගර ආපදා සහන පුණ්‍යායතනයට අරමුදල්  සෙවීමේ අරමුණින්  එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක හා ක්‍රිකට් විස්තර චිචාරක  ඉයන් බොතම් ලබන නොවැම්බර් පළමුවැනිදා  උතුරේ මාන්කුලමේ අට දින පා ගමනක් අරඹයි.

ගමන අවසන් වනුයේ සීනීගම දේවාලයෙනි.

ශ්‍රී ලංකාවේත් ලෝකයේත් සුනාමියෙන් පීඩාවට පත් පිරිසට උදව් කිරීම මේ ගමනේ අරමුණයි. ‘ගමන හරි අමාරු වේවි නිවර්ත කළාප දේශ ගුණයත් යටතේ බිහිසුණු උණුසුමකට  මුහුණදීමට සිදු වෙති’යි බොතම් කියයි.

බොතම් ශ්‍රී ලංකාව හා  දැඩ් සබඳතා ඇත්තතෙකි 2004 දී සුනාමි ව්‍යසනයෙදී ඔහු ශ්‍රී ලංකාවේ උදව්වට ආවේය.