ඉඹුල්ගොඩ අනතුර ගැන විමර්ශන රහස් පොලිසියට


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය වෘත්තීය අරගලයකට සහාය පළ කරමින් නුවර සිට කොළඹට පාගමනක් එන අතරතුර 2012 සැප්තැම්බර් 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු මිය යෑම සම්බන්ධ විමර්ශන පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් අඟහරුවාදා (16) රහස්පොලිසියට බාර දෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය ලවා විමර්ශනයක් කරවන ලෙස අන්තරේ හිටපු කැදවුම්කරු නජිත් ඉන්දික මහතා මීට වසරකට පමණ පෙර පොලිස්පතිගෙන් ඉල්ලීමක් ද කළේය.

සිසුන් දෙදෙනාගේ මරණය රිය අනතුරකින් වූ බව පොලිසිය කීවත් එය ඝාතනයක් බවට සැකයක් ඇතැයි සිවිල් ක්‍රියාකාරීහු කීහ.