ඉම්රාන් ඛාන් ඡන්ද වේදිකාවෙන් වැටී බරපතල තුවාල ලබයි


පකිස්තානයේ කිටපු ක්‍රිකට් නායකයකු වූ ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර ඡන්ද රැළියක වේදිකාවෙන් වැටී බරපතල තුවාල ලැබීය.

ඔහු රෝහලට රැගෙන යන විට මද සිහියෙන් සිටි බව සිද්ධිය දුටුවෝ කියති.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු ඔහු ගිය ජනාධිපතිවරණයට තරඟ කර පරාජය විය.

අවංක හා දූෂණයෙන් තොර රටක් ඇති කිරීම සඳහා ඉම්රාන් දේශපාලනයට පිවිසියේය.

ඉම්රාන්ගේ හිසේ පිටුපසට තුවාල වී තුබූ බව රෝහල් ආරංචි කියයි.