අපි‍්‍රකාවේ හිස ඔසවමින් පවතින ඉබෝලා වසංගතය මර්දනය කිරීමට ලොව රටවල් දරන උත්සාහයට ශී‍්‍ර ලංකාවේ දායකත්වයද ලබා දෙමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා සනීපාරක්ෂක අත්වැසුම් ලක්ෂ 10 ක ප‍්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඊයේ (18) අරලියගහ මන්දිරයේදී ප‍්‍රදානය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍රලංකා නියෝජිත ආචාර්ය ෂිර්ඩෝසි මෙහ්ටා එම අත්වැසුම් තොගය භාර ගත්තේය.
අත්වැසුම් සපයා තිබුණේ හේලීස් සමූහ ව්‍යාපාරයයි.
මේ අවස්ථාවට විදේශ ඇමැති ජී.ඇල් පීරිස් මහතාද සහභාගිව සිටියේය.
වවුලන්, වානරයන්, කුරුල්ලන් වැනි සතුන්ගෙන් මේ වෛරසය බෝවෙතියි කියති.

