කුරුවිට පුස්සැල්ල පන්සල අසළ නවතා තිබූ සුපිරි ජීප් රියක් රියක තිබී අඩියක් උස රන් පැහැ බුදු පිළියමක්, යුද හමුදා නිලධාරීන්ගේ ඇදුමට සමාන ඇදුම් කට්ටලයක් හා මාලිමා යන්ත්‍ර දෙකක් සමග සැකකරුවන් තිදෙකු අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලීසිය කියයි.
ඉන් දෙදෙනකු හමුදාවෙන් පැන ගිය අය බව පොලීසිය කියයි.
එම බුදු පිළිමය වැල්කෙණියාය සුමනාරාමයෙන් කොල්ලකන්නට ඇතැයි ද, සැකකරුවන් දෙහිවල, සියඹලාණ්ඩුව හා කොටදෙණියාවේ පදිංචි කරුවන් බව ද පොලීසිය සඳහන් කරයි.