ඉඳුවරියේ ගීතයත් සමග කලා ලොවට පිවිසි ඒෂාන්


2017-02-09-ent-84

ඉඳුවරියේ ගීතයත් සමග කලා ලොවට පිවිසි ඔහු ඒෂාන් උදේශයි. ගායනයට අමතරව මේ වන විට ගීත නිර්මාණයට දායක වී ඇති ඔහු සාරවිට සමග මෙසේ දොඩමලු විය.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්

2017-02-09-ent-86මම ඒෂාන් උදේශ. මගේ වයස අවුරුදු 26යි. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, මල්ලී, නංගී සහ මම. පදිංචිය මොරගොල්ලෙ.

 

ගායනයට යොමුවෙන්න අඩිතාලම යෙදෙන්නේ කොහොමද?

පොඩිකාලේ ඉඳලම මියුසික්වලට ආසයි. අපේ තාත්තාට සංගීත කණ්ඩායමක් තිබුණා. එයා දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක්. අපේ ගෙදර තමයි පුහුණුවීම් කටයුතු කළේ. ඉතිං මම පොඩිම කාලෙ ඉඳන් තමයි ඒ දේවල් දැක්කා. ඇසුරු කළා. එයාලා පුහුණුවීම් ඉවර වුණාම මම ගිහින් ඩ්‍රම්ස් ගහනවා. ඒත් මම ඒ ඩ්‍රම්ස්වලටවත් උස නෑ.

ඊට අමතරව පාසලේ ගායන කණ්ඩායමේ හිටියා. මගේ හැකියාවන් හඳුනගෙන තමයි පාසලේ සංගීත ගුරුවරුන් දෙදෙනා මාව ඒ සඳහා තෝරාගනු ලැබුවේ. ඒ දේවල් එක්ක මටත් හිතුනා මගේ හැකියාවෙන් ප්‍ර‘යෝජනයක් ගන්න ඕන කියලා. ඉන්පසුව තමයි මම 2012දී "ඉඳුවරියේ" කියලා මගේම ගීතයක් සමග ගායනයට පිවිසුණේ.

 

ඔබේ නිර්මාණ ගැන සඳහන් කළොත්?

දැනට මගේම ගීත හයක් තිබෙනවා. එයින් ගීත තුනක පද රචනය මගේ. පහක් මගේම තනු නිර්මාණ, ඒවගේම මේ වන විට මම වෙනත් ගායකයන් කිහිපදෙනෙකුටත් ගීත ලියලා තනු නිර්මාණය කරලා තියෙනවා. මගේ අලුත්ම ගීතය "මියෙනාතුරා" කියන ගීතය. එහි පද රචනය සත්සර කසුන් පතිරණ, සංගීතය අමිත් ගුරු. මේ දවස්වල ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

ඔබගේ වෘත්තිය?

දැනට මම පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. ඒ අතරතුර තමා සංගීත කටයුතු සඳහා දායක වෙන්නේ.

 

රැකියාවත් සමග සංගීත ක්ෂේත්‍ර‘යේ වැඩකටයුතු සිදුවෙන්නේ කොහොමද?

ආයතනයෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා ආයතන නිලධාරීන්ට බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් නිසා රැකියාවට හෝ සංගීතයට බාධාවක් නොවන විදියට ඒ කටයුතු කරගෙන යනවා.

 

මේ ආපු ගමනේ ඔබ විවිධ බාධකවලට මුහුණ දෙන්න ඇති. ඒ ගැන කිවුවොත්?

ඇත්තටම ඔව්. අපේ භාෂාවෙන් කිවුවොත් ලොකු කට්ටක් කෑවා. විශේෂයෙන්ම ගීතයක් නිර්මාණය කරලා විවිධ හේතූන් නිසා ඒක මාධ්‍යවලින් ප්‍රචාරය කරගන්න ගොඩක් අමාරුයි. විශේෂයෙන්ම අලුත් අයට මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. නමුත් සමහර ජනප්‍රිය කලාකරුවන්ටත් මේක නැතුව නොවෙයි.

 

මොකක්ද මේ කියන ප්‍රශ්නය?

පැකේජ් ක්‍රමයට ගීත ප්‍රචාරය කිරීම.

 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

සංගීතයෙන් ඉදිරියට යන්න තමයි පොඩිකාලේ ඉඳලා හීන දැක්කේ. අදටත් ඒ හීනය එහෙමමයි.

 

ඔබට උදවු උපකාර කළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

අනිවාර්යෙන්ම. මගේ අම්මා, තාත්තා, නංගී, මල්ලී ඇතුළු පවුලේ සැමත්, මගේ පාසල අලුත්ගම විද්‍යාලය සහ එහි සංගීත ගුරුවරු දෙන්නා වන චන්දිම සහ ප්‍රියන්ත යන අය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් මතක් කළ යුතුයි.

මම මුලින්ම ගීතයක් නිර්මාණය කළේ මගේ දහම් පාසල වෙනුවෙන්, බුද්ධ සිරි දහම් පාසලේ ආරියවිමල නායක හිමියන් සහ සිරිරතන හිමියන්ට නමස්කාරපූර්වක ස්තුතිය පුදකළ යුතුයි.

මගේ ගමේ හැම යාළුවෙක්ම, Face book එකේ යාළුවො මතක් කළ යුතුයි වගේම අජන්ත අයියා, තුෂාර අයියා, සත්සර අයියා, අමිත් අයියා ඇතුළු මට උදවු උපකාර කළ සියලුදෙනාවම මතක් කරනවා වගේම ඒ සියලුදෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

 

දිනිත් කනිෂ්ක

 

2017-02-09-ent-87
2017-02-09-ent-85